හිටපු දේශ­පා­ල­න­ඥ­යන් ළඟ තිබෙන බදු නොගෙවා හොරෙන් ගෙනා සැප වාහන 500ක් අල්ලන්න මෙහෙ­යුම් ඇරඹෙයි

කෝටි ගණ­නක් රේගු බදු වංචා කර­මින් හොර පාරෙන් රටට ගෙන­විත් ලියා­ප­දිංචි කර මහ මඟ ධාව­නය කරනු ලබන රථ­වා­හන 500කට ආසන්න ප්‍රමා­ණ­යක් සොයා ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇත.

මෙම වාහන අත­රින් වැඩි ප්‍රමා­ණ­යක්ම ඇත්තේ සුඛෝ­ප­භෝගී වාහන වන බව සඳ­හන්ය. මෙම වාහන කොටස් කර මෙර­ටට රැගෙ­න­විත් එක­ලස් කර ඇති බව­ටත් ඒ සඳහා දූෂිත රේගු නිල­ධා­රී­න්ගේද සහය ලැබී ඇති බව­ටත් සැක කරයි.

මෙම වාහන ලියා­ප­දිංචි කිරී­මේදී මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ දූෂිත නිල­ධා­රී­න්ගේද සහය ලැබී ඇති බව මූලික විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත.

එසේ හොර පාරෙන් ලියා­ප­දිංචි කර මහ මඟ ධාව­නය වන වාහන රැසක් හඳුනාගැනී­ම­ටද ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය විසින් පිය­වර ගෙන ඇත. ඉදි­රි­යේදී එම වාහන සිය භාර­යට ගැනී­මට ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය සූදා­න­මින් සිටින බව පොලිස් මූල­ස්ථාන තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

මේ ආකා­ර­යට වාහන හොර පාරෙන් මෙර­ටට පැමිණ ලියා­ප­දිංචි කර ඇත්තේ පසු­ගිය ආණ්ඩු කාල­ව­ල­දීය.

මෙ‍ෙස් වාහන හොරට ලියා­ප­දිංචි කිරීම් සම්බ­න්ධ­යෙන් මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු කොම­සා­රි­ස්වරු දෙදෙ­නෙක් ඇතුළු නිල­ධා­රීන් රැසක්ම මෑතක දී අල්ලස් කොමි­සම විසින්ද අත්අ­ඩං­ගු­වට ගැනිණ. පාන­දුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කා­යද 2023 වස­රේදී වැට­ලීම් මාලා­වක් කර­මින් හොර පා‍රෙන් රට තුළට ගෙනැ­විත් ලියා­ප­දිංචි කර තිබූ වාහන 100කට ආසන්න ප්‍රමා­ණ­යක් සොයා ගන්නා ලදි. එම වාහන බොහෝ­ම­යක් පරි­හ­ර­ණය කර­මින් තිබුණේ දේශ­පා­ල­න­යට සම්බන්ධ පුද්ග­ල­යන්ය. එම විම­ර්ශ­න­යේ­දීද එසේ හොරට ලියා­ප­දිංචි කර තිබූ වාහන 400ක පමණ ලේඛ­න­යක්ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය විසින් සොයා­ග­ත්තේය. එම විම­ර්ශන එව­කට සිටි පොලි­ස්ප­ති­ව­ර­යාගේ නියෝ­ග­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පව­රනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *