ඩොලරය 280 දක්වා පහළ යනවා – ඇමති බන්දුල හෙළි කරයි

තව නෙබෝ දිනකින් ඩොලරයක මිල රු. 280 ක් දක්වා අඩුවනු ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ අදහස් දැක්වීම සිදුකළේය.

“විනිමය අනුපාතය අඩුවෙලා තියෙනවා. පසුගිය වර්ෂයේ ඉතාම දරුණු විනිමය අර්බුදය තිබුණු වෙලේ, තෙල් නැති අවස්ථාවේ දී ඩොලරය උන්ඩියල් කළේ රුපියල් 400 ට. අද ඩොලරයට ගෙවන්නේ 314 ක් විතර. තව ටික දවසකින් මේක තවත්. 280 විතර වෙනකං අඩුවෙයි කියලා තමයි අපේක්ෂාව. ඒ නිසා රුපියල ශක්තිමත් වෙනවා. මේ වගේ සාධනීය වෙනස්කම් රැසක් වෙළෙඳපොළ තුළ සිද්ධවෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *