සමඟි ජනබලවේගයට අයත් සමාජ මාධ්‍ය මහර සිදුවීම සජීවීව විකාශය කරලා – රජයේ අවධානය යොමුවෙයි

ඊයේ (01) දිනයේ දී මහර බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම සමගි ජන බලවේගයට සම්බන්ද සමාජ මාධ්‍ය කිහිපයක් මගින් සජීවීව වාර්තා කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා පැවසීය.

“අපි දැක්කා ඊයේ සවස සිට මෙවැනි සමාජ මාධ්‍ය නාලිකා ගණනාවක් සහ ප්‍රධාන මාධ්‍ය නාලිකා කිහිපයක් මහර සිද්ධිය වාර්තා කරපු ආකාරය. ඒවා රැදවියන්ගේ ඥාතීන් සහ සෙසු පිරිස් අතර අනිසි නොසන්සුන්තාවයක් ඇතිකරන සුළු තත්වයකට පත්කළා. රටේ ප්‍රධාන විපක්ෂයට අයත් දේශපාලන පක්ෂය මේ විදිහට මහර සිදුවීම තවදුරටත් නොසන්සුන්තාවයක් වර්ධනය කිරීමට ඍජුව මැදිහත්වීම පුදුමයට කරුණක්” බව ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *