පාපිසි 159 ක් එක්ක හැප්පෙන එක ලොකු දෙයක් නෙවෙයි – හිටපු ඇමති රාජිත සේනාරත්න කියයි

ජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න සඳහා ඒකාබද්ධ විපක්ෂය ලෙසින් නායකත්වය ලබාදීම සිදු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඒ අනුව, මෙම අවස්ථාවේදී රජය පෙරළීමේ හදිසි අවශ්‍යතාවයක් නැතත්, රජයේ ඒකාධිපති වැඩපිළිවෙළට එරෙහිව ජනතාව සංවිධානය කිරීම තම ඒකායන අරමුණ වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ආණ්ඩුව සමඟ හැප්පීම මහ ලොකු දෙයක් නොවන බවත්, ඔවුන් පාපිසි බවට ඔවුන්ම ප්‍රකාශ කර ඇති බවත්, පාපිසි 159 ක් එක්ක හැප්පෙන්නට වීම ලොකු ප්‍රශ්නයක් නොවන බවත් ඔහු එහිදී සඳහන් කළා.

බන්ධනාගාරවල ඇති වූ ගිනිගැනීම් සහ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා ඉල්ලා අස් විය යුතු බවත්, හුදෙක් වරද පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *