රටේ ජනතාව විසින් රාජපක්ෂ කඳවුරේ දේශපාලනය අවසාන කිරීමට කටයුතු කළේ 2022 වසරේ පැවති අරගලයේදී බව ජන අරගල සන්ධානයේ වසන්ත මුදලිගේ පවසනවා.
ඒ අනුව, එම අරගලයේදී නාමල් රාජපක්ෂ එළවා දැමීමට කටයුතු කළ බවත්, ඔහුගේ බාප්පාට අවුරුදු තුනක ධුර කාලයක් ඉතිරිව තිබියදී ධුරය අතහැර ගිය බවත් අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.
එම බාප්පාට පමණක් නොව, තාත්තා, ලොකු තාත්තා, අම්මා, මල්ලි, හා නාමල් රාජපක්ෂ ඇතුළු පවුලේ මෙකී නොකී සියලු දෙනාටම ගෙවල්වල දොරවල් කඩාගෙන යාමට සිදු වූ බවත්, එවැනි තත්ත්වයකට පත් වූ නාමල් රාජපක්ෂ, ඔහුට පස්සා දොරෙන් පැන යෑමට උවමනාවක් නැති බවට ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළා.
නාමල් රාජපක්ෂ පැන ගියේ පස්සා දොරෙන් නොවන බවත්, එසේ පැන යෑමට පස්සා දොරක් ඉතුරු නොවූ බවත් පැවසූ ජන අරගල සන්ධානයේ වසන්ත මුදලිගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ “එයා වහලෙත් කඩාගෙන ගියේ, පැනලා නෙවෙයි ඉගිල්ලිලා ගියේ” යන්නයි.