විනිසුරු විශ්‍රාම වයස ඉහළ දාන්න IMF කිව්වේ නෑ – එජාපය නිවේදනය කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම ඇතුළුව අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම තම අරමුණ බව රජය පවසයි.

නමුත් රජයේ මෙම කරුණු දැක්වීම පිළිගත නොහැකි බව, විශේෂ මාධ්‍ය නිවේදනයක් නික-ුත් කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

එක්සත් ජාතික පක්ෂය අද නිකු-ත් කර තිබෙන එම නිවේදනය ත-ුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2023 වසරේ දී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් නිකුත් කරන ලද “පාලන ක්‍රියාවලිය පිළිබද විනිශ්චය වාර්තාව” (Governance Diagnostic Assessment – GDA) පිළිබදවද අවධානය යොමු කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද “පාලන ක්‍රියාවලිය පිළිබද විනිශ්චය වාර්තාව” ත-ුළ, අධිකරණ පද්ධතියේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබදව සදහන් වී තිබුනද, එහි කිසිදු තැනක, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම පිළිබදව සදහන් වී නැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද “පාලන ක්‍රියාවලිය පිළිබද විනිශ්චය වාර්තාව ත-ුළ” ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ තිබෙන නඩු ගොඩ ගැසීම ව්‍යාපාරික ප්‍රජාවට අහිත කර ලෙස බලපා ඇති බව වාර්තා කර ඇතැයි, එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනයේ සදහන් කරයි.

වැඩි දුරටත් එම නිවේදනයේ දැක්වෙන්නේ, කොළඹ දිස්ත්‍රික් අධිකරණය තු-ළ ණය ආපසු අය කර ගැනීමට අදාල නඩු හතලිස් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් එහි නඩු අසන විනිසුරුවන් දස දෙනාගෙන් එක් අයෙක-ුට ඕනෑම මොහොතක නඩු දෙදහසක් පමණ හැසිරවීමට සිදුව ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන බවයි.

මෙසේ නඩු ගොඩ ගැසීමට විසදුම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, නව අධිකරණ පිහිටුවීම සහ කාර්ය මණ්ඩල ඉහළ දැමීම ආදිය පෙන්වා දී තිබුණද, විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීම පිළිබදව සදහන් කර නැති බව එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *