අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නඩු ප්‍රමාදයන් අවම කිරීම අරමුණු කරගනිමින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ අදාළ නව ප්‍රතිසංස්කරණ යටතේ සිදුකිරීමට යෝජිත ප්‍රධාන වෙනස්කම් කිහිපයක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව, යෝජිත නව සංශෝධන මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත් අවුරුදු 02කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
අගවිනිසුරුගේ ධුර කාලය වසර 07ක් හෝ අවුරුද 67ක් ලෙස ද සංශෝධනය කර තිබේ.
එසේම, අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ පියවරක් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 120 දක්වා වැඩි කර තිබේ.

