ඔවුන් බය අගවිනිසුරුට නොවෙයි,කිසිදු සමාවක් නොදෙන ජනාධිපතිටයි – සන්ඩේ ටයිම්ස් දේශපාලන ලිපියෙන් කියයි

සන්ඩේ ටයිම්ස් දේශපාලන ලිපිය ඇසුරෙනි.

යෝජිත විසි දෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට එරෙහිව මතු වෙමින් පවතින විරෝධය සහ එම විරෝධයට මුහුණ දීමට ආණ්ඩුවේ ඇති සූදානම පිළිබදව, අද වෙළද පොළට නිකුත්ව තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත, සිය සුප්‍රසිද්ධ දේශපාලන ලිපිය ඔස්සේ සාකච්ඡා කර තිබේ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති ඇත-ුළු නියෝජිතයන් මහනායක හිමිවරු බැහැ දැකීමත් ඉන් අනතුරුව ආණ්ඩුව නියෝජනය කරමින් හර්ෂණ නානායක්කාර සහ නලින්ද ජයතිස්ස යන අමාත්‍යවරු උන් වහන්සේලා බැහැ දැකීමට යාමත් ලිපිය සාකච්ඡා කරයි.

22 වන සංශෝධනයට එරෙහිව විපක්ෂය පවසන ප්‍රධාන කරුණ වන්නේ, ඒ හරහා ආණ්ඩුව අධිකරණයේ කටයුතුවලට මැදිහත් වීමට උත්සාහ කරන බවයි.

නම හෙළි කිරීමට අකමැති ආණ්ඩුවට සම්බන්ධ මූලාශ්‍රයක්, මෙම චෝදනාව එක හෙලාම ප්‍රතික්ෂේප කරන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

අදාල මූලාශ්‍රය ලියුම්කරු සමග පවසා ඇත්තේ, වත්මන් නීතිපතිවරයා, පසුගිය රජය විසින් පත්කර තිබුණද, තම රජය එම ධූරය වෙනස් කිරීමට කටයුතු නොකළ බවයි.

එසේම අගවිනිසුරු පත් කිරීමේ දී ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයාට එම තනතුර ලබා දුන්නා මිස, මීට පෙර සිටි පාලකයන් මෙන් පිටතින් ගෙනැවිත් කිසිවකු එම ධූරයට පත් නොකළ බවද අදාල මූලාශ්‍රය පුවත්පත සමග පවසා තිබේ.

දැනටත්, නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයන් හේතුවෙන්, ඇතැම් දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වී ඇති බව පවසා ඇති එකී මූලාශ්‍රය, ඇතැම් පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට ගෙන යාම වළක්වන නියෝග අධිකරණය විසින් ලබා දී ඇති බවද පවසා තිබේ.

විපක්ෂය විසින් චෝදනා කරන ආකාරයට, අධිකරණය ආණ්ඩුවට යටත් නම් මෙවැනි ප්‍රමාදයන් සිදු නොවනු ඇති බව අදාල මූලාශ්‍රය පුවත්පත සමග වැඩිදුරටත් පවසා තිබේ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙර රජය අධිකරණය පාලනය කිරීමට මැදිහත් නොවුනේ යම් සේද එසේම ඉදිරියටත් රජය අධිකරණ කටයුතු- සදහා මැදිහත් නොවනු ඇති බව නම හෙළි කිරීමට අකමැති මූලාශ්‍රය පුවත්පතට පවසා තිබේ.

බොහෝ දේශපාලනඥයින්ට එරෙහිව මේ වන විට නඩු ගොනු වෙමින් පවතින බව පෙන්වා දී තිබෙන එකී මූලාශ්‍රය, ඔවුන් බන්ධනාගාරගත වුවහොත්, ඉන් නිදහස් වී පැමිණියද, සාර්ථකව නැවත දේශපාලනයට පිවිසීමේ අවස්ථාව ඔවුන්ට ඇත්තේ ඉතා අඩුවෙන් බවත් ඔවුන් මෙම නඩු කටයුතු ගැන මෙතරම් බිය වන්නේ ඒ නිසා බවත් පවසයි.

එසේම, මීට පෙර සිටි ජනාධිපතිවරු මෙන් වත්මත් ජනාධිපතිවරයා දූෂිත දේශපාලනඥයින්ට කිසිදු සමාවක් නොදෙනු ඇති බව, එය එම දූෂිත දේශපාලනඥයන් දන්නා බවත් අදාල මූලාශ්‍රය පවසයි.

ඒ අනුව, ඉදිරි දිනවලදී විපක්ෂයේ පක්ෂ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැඩි ලෙස විරෝධය පළ කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බවත්, කෙසේ වෙතත් රජය ඊට සාර්ථකව මුහුණ දීමට සූදානම් බවත් අදාල මූලාශ්‍රය පුවත්පත සමග පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *