2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා වූ කාලය ත-ුළ ඩොලර් මිලියන 715 ක මුදලක් අනීතික ලෙස රටින් පිටතට යවා ඇති බව සොයා ගැනීමෙන් පසුව, මේ ආකාරයටම 2023 ට පෙර සිදුව ඇති ගනුදෙනු පිළිබදව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංක-ුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන සිදු කරයි.
ඩොලර් පිටතට පැන්නීමේ ජාවාරම පිටුපස ඩුබායි හී සිටින මත්ද්‍රව්‍යා ජාවාරම් කරුවන් සිටින බව හදුනාගෙන ඇති අතර, ඔවුන්ට ඇතැම් බැංක-ු නිළධාරීන්ගේ සහායද ලැබී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම වංචාසහගත ක්‍රියාව හා සම්බන්දයෙන් මේවන විටත් පුද්ගලයන් පනස් දෙනෙකු, බැංකු ගිණුම් 277 ක් සහ ගනුදෙනු 24,300 ක් පමණ හදුනාගෙන ඇති බව වාර්තා වේ.
මීට පෙර රේගුව වැනි ආයතන මෙවැනි නීති විරෝධි ගනුදෙනු අල්ලා ගත් විට, ඊට සම්බන්ධ ව්‍යාපාරිකයන් දේශපාලන බලාධිකාරය සම්බන්ධ කර ගැනීමෙන් හෝ අවශ්‍ය ලේඛන ඉක්මනින් ඉදිරිපත් කරන බවට පොරොන්දු වී හෝ නීතියෙන් ගැලවී ඇති බව පැවසේ.