මගී ප්‍රවාහන බස් රථවල සවිකර තිබෙන ස්පීකර් මගින් අධික ශබ්ද නිකුත් කරන්නේ නම් රුපියල් මිලියනයක් දක්වා දඩ අයකළ හැකි පරිදි ජාතික පාරිසරික පනත සංශෝධනය කර තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ පැවැසීය. ප්‍රජා ඝෝෂාවන්ට අදාළව ද නීතිමය පියවර ගතහැකි පරිදි ජාතික පාරිසරික පනතට නව සංශෝධන එකතු කර තිබෙන බව අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටී.