බලමු හැප්පිලා, මම එන්නේ කොන්ද කෙළින් තියාගෙන – අත්අඩංගුවට ගැනීමට පෙර සාගර කාරියවසම් කියයි

තමන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන්නේ ‘කොන්ද කෙළින් තබාගෙන’ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

තමා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පෞද්ගලිකව කිසිදු දෙයක් ප්‍රකාශ කර නොමැති බවයි, අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා සඳහන් කළේ.

එසේම, පොලීසියේ ස්වාධීනත්වය වෙනුවෙන් කතා කිරීම සම්බන්ධයෙන් තමාගේ කට වැසීමට සූදානම් වන්නේ නම්, ‍’හැප්පී බලමු’ යැයි ආණ්ඩුවට අභියෝග කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් විසින් පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මීට මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *