මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම ගන්න චීනය, ඉන්දියාව සහ ඕමානය සූදානම් වෙයි

හම්බන්තොට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා අතර චීනය සහ ඉන්දියාවේ සමාගම් ද පසුවන බව වාර්තා වේ.

ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු දේශීය හා විදේශීය ආයෝජකයන් වෙත පැවරීම සඳහා රජය විසින් අභිලාෂයන් ප්‍රකාශ කිරීම් (EoI) කැඳවනු ලැබූ අතර, ඊට අදාළව ලැබුණු යෝජනා ඇගයීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කමිටුවක් මගින් කටයුතු කරමින් සිටියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී චීනයෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 200ක ආසන්න ණය මුදලකින් ඉදිකරන ලද මෙම ගුවන්තොටුපළ 2013 වසරේදී විවෘත කරන ලදී.

ආයෝජන යෝජනා භාරගැනීමේ අවසන් දිනය ලෙස මුලින් ජූනි 08 වනදා තීරණය කර තිබුණද, පසුව එම කාලය මාසයකින් දීර්ඝ කිරීමට පියවර ගැනිණි. ඒ අනුව මේ වන විට යෝජනා 19ක් ලැබී ඇති අතර, ඒවා වර්තමානයේ ඇගයීමට ලක්වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය, ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා තහවුරු කළේ, චීන සහ ඉන්දියානු සමාගම්වලට අමතරව ඕමානයෙන් ද මේ සඳහා ආයෝජන යෝජනා ලැබී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *