ප්‍රමිතියෙන් තොර රසායන ද්‍රව්‍ය භාවිත කළ පෞද්ගලික රෝහල් 52කට එරෙහිව නිතීමය ක්‍රියාමාර්ග ගනියි

පාරිභෝගික ආරක්ෂණ නීතිරීති උල්ලංඝනය කරමින් සහ නියමිත ප්‍රමිතියෙන් තොර රසායනික ද්‍රව්‍ය (Chemicals) පරීක්ෂණ සහ විවිධ වෛද්‍ය කටයුතු සඳහා භාවිත කළ පෞද්ගලික රෝහල් 52කට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) පියවර ගෙන තිබේ.

සිදුකරන ලද විශේෂ වැටලීම් සහ පරීක්ෂාවන්ගෙන් අනතුරුව මෙම රෝහල් හඳුනාගෙන ඇති අතර, රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළමින් සිදුකරන මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ ආයතනවලට එරෙහිව ඉදිරියේදී අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *