මහනායක හිමිවරු ජනපතිට එවූ ලිපිය සුජීව හොයාගෙන මාධ්‍යට නිකුත් කරයි

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ මතය පිළිබඳ ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් අද (12) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රසිද්ධ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ එම ලිපිය මගින් ත්‍රෛනිකායික මහ නාහිමිවරු මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවය.

“මේ ලිපිය හොයා ගන්නත් බැරුව තිබුණේ. යම් ආකාරයකින් මට ලිපිය ලැබුණා. මේ ලිපියේ උන්වහන්සේලා කෙලින්ම..උන්වහන්සේලාට තේරෙනවා රට යන්නේ කොහාටද කියන එක.”

“වර්තමානය වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම දිවියට එළඹීමේ වයස පිළිවෙළින් අවුරුදු 63 හා 65 ලෙස දක්වා ඇත.”

“එම වයස් සීමාව ඉහළ නැංවීමට රජය මේ ආකාරයෙන් කටයුතු කිරීම සුදුසු නොවන බව අපගේ විශ්වාසයයි.” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *