රථ වාහන වැරදි සම්බන්ධයෙන් වාහන නැවැත්වීමට උවමනා වූ විට, පදුරු අස්සේ හෝ එවැනි වෙනත් හුදෙකලා ස්ථානවල සැගවී නොසිටින ලෙස, පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂණ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය නිළධාරීන්ට උපදෙස් දී තිබේ.
වාහනයක් නැවැත්වීමට අවශ්‍ය වූ විට, එය, අනෙක් අයටද පෙනෙන – විවෘත ස්ථානයක කළ යුතු- බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
මාර්ග අසල රාජකාරි සිදු කළ යුතු ආකාරය පිළිබඳව පොලිසිය විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවල පැහැදිලිව දක්වා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය නිළධාරින්ට සිහිපත් කර තිබේ.
පොලිස් නිලධාරීන් වෙත සෘජුවම මුදල් ගෙවීමට රියදුරන්ට අවශ්‍යතාවක් නොමැති බව පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා, තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන අවස්ථාවකදී, තැපැල් කාර්යාල ඇතුළු නීත්‍යානුකූලව බලයලත් මාර්ග ඔස්සේ අදාල දඩ මුදල ගෙවා එම තාවකාලික රියදුරු බලපත්‍රය ලබා ගත යුත-ු බවද පවසයි.
එමෙන්ම, අනුමත ක්‍රියා පටිපාටියෙන් බැහැරව මාර්ග අයිනේදී සිදුකරන මුදල් ගෙවීම් අල්ලස් දීමක් සේ ගත හැකි බවත්, එවැනි ක්‍රියාවලට සම්බන්ධ වන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අනතුරු හගවයි.
කිසිදු අවස්ථාවක අල්ලස් ඉල්ලා සිටීමට හෝ ලබා ගැනීමට පොලිස් නිලධාරියෙකුට අයිතියක් නොමැති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර තිබේ.