විදේශයන්හි නීත්‍යානුකූලව උපයන මුදල් නිල බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්, ඒ සඳහා බැංකු ක්‍රමය හරහා වෙනම බද්දක් අය නොකරන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) පවසයි.
අද දෙරණ “Big Focus” වැඩසටහනට එක්වෙමින් දේශීය ආදායම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා පැහැදිලි කළේ, විදෙස් ආදායම් බද්දට යටත් වන්නේ අදාළ තක්සේරු වර්ෂය තුළ එම පුද්ගලයා බදු අරමුණු සඳහා ‘ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකු’ (Resident) ලෙස සැලකෙන්නේද නැද්ද යන්න මත පමණක් බවයි.