විනිසුරු විශ්‍රාම වයස ඉහළ නංවන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවර කියැවීම සඳහා අද (18දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට මෙම සංශෝධනය මගින් යෝජනා කර ඇත.

එමෙන්ම අධිකරණ සංවිධාන (සංශෝධන පනත් කෙටුම්පත) අද අධිකරණ ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ යටතේ මහාධිකරණ, දිසා අධිකරණවල විනිසුරුවන්ගේ හා මහෙස්ත්‍රාත් අධිකරණවල මහෙස්ත්‍රාත්වරයන්ගේ විශ්‍රාම වයසද වසර 02 කින් දීර්ඝ කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *