එතුමියගේ නමින් උදා ගම්මානයක් මම හදන්න ඇහුවාම, නෑ නෑ නම් දාන්න අවශ්‍ය නෑ කිව්වා – සජිත් ප්‍රේමදාස කියයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනිය තමන් දරන දේශපාලන මතයට සම්බන්ධ කර ගැනීමට විශාල ආශාවක් තිබූ බවත්, ඒ සඳහා උත්සාහයන් රැසක් දැරුවද එය සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, නන්දා මාලිනිය මුල සිටම එක්තරා ස්ථාවර මතයක නොසැලී රැඳී සිටි බවයි. තමන් දරන මතය සහ ඇය විශ්වාස කළ මතය අතර පැවති විවිධ පරස්පරතා හේතුවෙන් ඇය කිසිදාක තමන් සමග එක් නොවූ බවත්, තමන් විශ්වාස කළ ප්‍රතිපත්ති සහ ස්ථාවරය වෙනුවෙන් කිසිවෙකුට හෝ කිසිදු බලවේගයකට යට නොවී නොසැලී පෙනී සිටි විශිෂ්ට කලාකාරිනියක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *