කොළඹ මෙට්‍රෝ බස් සේවය සැප්තැම්බර් අග සිට පුළුල් කරයි – Park and Ride පහසුකම් ඇතිකිරීමට පියවර

කොළඹ නගරය තුළ මෙට්‍රෝ (Metro) බස් රථ 121ම යොදවමින් වසරක ව්‍යාපෘතියක් ලෙස ලබන සැප්තැම්බර් මස අග සිට එම සේවාව පුළුල් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. මීට අමතරව කැබිනට් අනුමැතිය හිමිව ඇති පරිදි ලබන වසරේදී ගාල්ල, මහනුවර සහ යාපනය යන නගර සඳහා ද මෙම සේවාව හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ සාමාන්‍ය බස් මගීන් ආකර්ෂණය කර ගැනීමට වඩා පෞද්ගලික වාහන භාවිත කරන පිරිස් පොදු ප්‍රවාහනය වෙත යොමු කිරීමයි.

කොළඹ මෙට්‍රෝ බස් සේවාව සඳහා හඳුනාගෙන ඇති බස් නැවතුම්පොළ 240 ආශ්‍රිතව මගීන්ට සිය වාහන නවත්වා බස් රථයට ගොඩවිය හැකි පරිදි ‘Park-and-Ride’ රථගාල් පහසුකම් ස්ථාපිත කිරීමට අදාළ පළාත් පාලන ආයතන, ව්‍යාපාරිකයන් සහ ඉඩම් හිමියන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් රථගාල්වල පවතින ඉඩකඩ ක්ෂණිකව බලාගත හැකි ජංගම දුරකථන යෙදවුමක් (App) ඉදිරි මාස කිහිපය තුළ නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වා දීමටද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *