ලොව හොදම හා කාර්යබහුලම වරාය 20 අතරට කොළඹ වරාය පැමිණෙයි

ලෝකයේ කාර්යබහුලම හා හොඳම වරායන් 20 අතරට කොළඹ වරාය පැමිණ තිබෙන බව Alphaliner Weekly Maritime Newsletter වාර්තාව මඟින් තහවුරු කර තිබේ.

මේ වාර්තාවට අනුව කොළඹ වරාය ගිය වසරේදී ලෝකයේ කාර්යබහුල වරාය දර්ශකයේ 26 වැනි ස්ථානයේ පසුවිය. මේ වසරේ පළමු භාගය වන විට එය ස්ථාන හයකින් ඉදිරියට පැමිණ 20 වැනි ස්ථානයට පත්ව ඇත.

2026 පළමු මාස 6 තුළ කොළඹ වරායේ පර්යන්ත 5ක් එක්ව බහලුම් මිලියන 4.44ක් මෙහෙයවා ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 11.9%ක වර්ධනයකි. කොළඹ වරාය ඉක්මනින් මේ තත්ත්වයට පත්වීමට කාර්යක්ෂමතාව ඉහළ යෑම සහ නාවික මෙහෙයුම් පුළුල් වීම බලපා ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *