මහ වැසි සමග මධ්‍යම කඳුකරයේ ගංගා ආශ්‍රිත අධික බෑවුම් සහිත විශාල පස් තට්ටු සහිත ඉවුරු නාය ගොස් එම ගංගා අවහිර වුවහොත් නේපාල, ටිබෙට් දේශසීමාවේ සිදුවූවා මෙන් විශාල අනතුරක්වීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පැවසීය.
නේපාලයේ අයිස්වලින් වැසුණු කඳුකරයේ සිදුවූ භූමි කම්පාවත් සමග අයිස්කඳු නායයෑමක් නිසා ඒවා බෝටේ කෝෂි ගඟට ගලා යාමෙන් විශාල පිරිසක් අනතුරට ලක්විය.