ලබන සැප්තැම්බර් 5 වනදා සිට රජය විසින් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති ජනරැස්වීම් මාලාව ජනතාව මුළා කිරීම සඳහා පවත්වන අසත්‍ය ප්‍රචාරක වැඩපිළිවෙළක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
අසත්‍ය ප්‍රචාර පතුරුවමින් බලයට පැමිණි වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් රට දැවැන්ත විනාශයක් කරා ගමන් කරමින් පවතින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, රජයේ මූල්‍ය කළමනාකරණය ද දැඩි ලෙස විවේචනය කළේය. විශේෂයෙන්ම මෙරටට බලපෑ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ සහන කටයුතු වෙනුවෙන් වෙන් කළ මුදල්වලින් සියයට 70ක් පමණ තවමත් වියදම් කර නොමැති බව ඔහු අනාවරණය කළේය.
දේශීය අවශ්‍යතා සහ පීඩාවට පත් ජනතාව අමතක කරමින්, ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය වීම සඳහා රජය නේපාලයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට පියවර ගැනීම හාස්‍යයට කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.