රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.5% ක වර්ධනයකි.
සමස්ත අපනයන ඉපැයීම් සඳහා ප්‍රධානතම දායකත්වය භාණ්ඩ අපනයන අංශයෙන් හිමි වූ අතර, 2026 ජනවාරි-ජූලි කාලය තුළ ඉන් ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,188.32 ක් විය. මෙය පෙර වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 5.05% ක වැඩිවීමක් වන අතර, එමඟින් ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන් වෙනස් වෙමින් පවතින පසුබිමක වුවද ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ක්ෂේත්‍රයේ පවතින අඛණ්ඩ ශක්තිමත්භාවය පිළිඹිබු වේ.
මේ අතර, සේවා අපනයන අංශය ද අඛණ්ඩව ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කළ අතර, 2026 වසරේ පළමු මාස හත තුළ එය ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 2,299.48 ක් දක්වා ළඟා විය. මෙය පෙර වසරට සාපේක්ෂව 7.02% ක වර්ධනයක් වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම සඳහා සේවා අංශයෙන් ලැබෙන දායකත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත.
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත අපනයන අගයන්ට අනුව, 2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,285.31 ක් වූ අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 1.3% ක සුළු අඩුවීමකි.
මේ අතර, සේවා අපනයන අංශය සිය ධනාත්මක වර්ධන වේගය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, 2026 ජූලි මාසයේදී ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 351.92 ක ආදායමක් උපයා ඇති අතර, එය පෙර වසරේ ජූලි මාසයට සාපේක්ෂව 3.75% ක වර්ධනයකි.
ඒ අනුව, භාණ්ඩ හා සේවා යන අංශ දෙකම ඇතුළත් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 ජූලි මාසයේදී (ඇස්තමේන්තුගත) ඇමරිකානු ඩොලර් මිලියන 1,637.26 ක් දක්වා ළඟා වූ අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 2.63% ක වර්ධනයකි.