ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 61න් 24ක් යළි සක්‍රිය කිරීමට සහාය දීමට කැනඩා රජය එකගතාවය පල කරයි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 61න් 24ක් යළි සක්‍රිය කිරීමට සහ වරාය පද්ධති ඩිජිටල්කරණයට කැනඩා රජයේ සහාය ලබාදීමට එකඟාව පළ කර ඇත.

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර වරාය, සිවිල් ගුවන්සේවා මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති ඇමැති අනුර කරුණාතිලක මහතා සහ කැනඩා මහ කොමසාරිස් ඉසබෙලා මාර්ටින් (Mrs. Isabella Martin) මහත්මිය අතර පසුගියදා පැවැති සාකච්ඡාවේදී මේ කරුණු අනාවරණය විය.

මෙහිදී වරාය ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා මෙන්ම, වරාය මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය භාවිත කිරීම කෙරෙහි දෙපාර්ශ්වයේම අවධානය යොමු විය. ඒ අනුව, වරාය ප්‍රජා පද්ධතිය (Port Community System) සහ නාවික සේවා හා තොරතුරු හුවමාරු පද්ධතිය (Maritime Single Window) වැනි ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *