කොළඹ වරාය නගරයේ ඩොලර් මිලියන ගණනක ව්‍යාපර 68කට කැබිනට් අනුමැතිය ලැබෙයි

කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක ව්‍යාපාර ආයතන 68ක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කරමින් නිකුත් කළ නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ මෙම නියමයන් නිකුත් කර තිබෙනවා.

තොරතුරු තාක්ෂණ, උපදේශන සේවා, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීම, සැපයුම් සේවා, යටිතල පහසුකම්, දෙමුහුන් හා සංයුක්ත ව්‍යාපාර ආකෘති සහ පොදු ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර රැසකට අයත් ව්‍යාපාර 68ක් මෙලෙස නම් කර ඇති බව සඳහන්.

ඒ සඳහා 2026 මාර්තු 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති අතර, ඒ අනුව 2026 අප්‍රේල් 10 වැනිදාැති අතිවිශේෂ ගැසට් නිවේදන මගින් අදාළ නියමයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *