මිග් යානා ගනුදෙනුවට අදාලව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මූල්‍ය අපරාධ අංශය මගින්, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව පවරා ඇති නඩුව, ජනවාරි මාසයේ හය වන දා කැදවා තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා 8 ක් මිලදී ගැනීමේදී රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833 කට අධික පාඩුවක් සිදුකිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ විමර්ශන සිදු කරයි.
මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ තමාට එරෙහිව නඩු පවරන්නේ නම්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පළමු සැකකරු ලෙස නම් කළ යුතු යැයි, උදයංග වීරතුංග මීට පෙර අවස්ථාවක පවසා තිබුණි.