‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ තේමාව කරගනිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ ප්‍රථම රැලි ද්විත්වය හෙට (06දා) කළුතර බේරුවලදී සහ බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේදී සවස 2.00ට පැවැත්වේ.
මෙම රැලි මාලාව දිස්ත්‍රික්කයකට ප්‍රධාන රැලි දෙකක් ලෙස පැවැත්වීමට කටයුතු කර ඇති අතර, ඒ සෑම රැලියක්ම, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ලබන 12දා පොලොන්නරුවේදී ද, 13 දා අනුරාධපුරයේ දී ද, 20 දා මාතර දී සහ 27 දා ගම්පහ දී ද ජන රැලි සංවිධානය කර තිබේ.