IMF වැඩසටහන 2027 මාර්තුවේ අවසන් වෙයි – ඉන් පසු ආර්ථිකයේ පූර්ණ නිදහස ලංකාවට

ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන යටතේ සිදුකෙරෙන හත්වන සමාලෝචනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ නියෝජිතයන් සැප්තැම්බර් 10 වැනිදා සිට 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායම, එම කාලය තුළ මෙරට බලධාරීන් සමඟ සාක්ෂාත් කර ගැනීම, ආර්ථික වර්ධනය, ප්‍රතිසංස්කරණ හා දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇත.

මෙම හත්වන සමාලෝචනය සාර්ථකව අවසන් වී IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණහොත්, විශේෂ ණය ලබා ගැනීමේ අයිතිය (SDR) මිලියන 254ක් පමණ වන මීළඟ වාරිකයට ශ්‍රී ලංකාවට ප්‍රවේශය ලැබෙනු ඇත.

දැනට පවතින කාලසටහන අනුව, ශ්‍රී ලංකාව සඳහා වන මෙම විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන 2027 මාර්තු 19 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *