ගම්බද ප්‍රදේශවල දෙමව්පියන්ට තම දරුවන් අසනීප වූ විට රැගෙන යාමට ඇත්තේ රජයේ රෝහල් පමණක් බවත්, එබැවින් එම රෝහල්වල ප්‍රමාණවත් බෙහෙත් තිබිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේය.
රෝගීන්ට කොත්තමල්ලි පානය කර නිවසේ රැඳී සිටින ලෙසත්, බෙහෙත් සම්පූර්ණයෙන් භාවිතා කරන ලෙසත් ජනාධිපතිවරයා මීට පෙර කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, “කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න කියලා ජනාධිපතිතුමාට කියන්න අයිතියක් නෑ. ජනාධිපතිතුමා හිතනවා නම් කොත්තමල්ලි බීලා ගෙදර හිටියම වැඩේ හරි, බෙහෙත් ටික අරන්දෙන්න ඕන නෑ ඉස්පිරිතාලවලට කියලා, ඒකෙන්ම හිතාගන්න පුළුවන් මේ රට පාලනය කරන ජනාධිපතිවරයාගේ මානසිකත්වය,” යැයි ඔහු පවසා තිබේ.
මීට අමතරව, “ඉතින් ඒ ඉස්පිරිතාලේ බෙහෙත් ටික තියෙන්න ඕන,” යැයි සඳහන් කරමින්, රජයේ රෝහල් තුළ ප්‍රමාණවත් ඖෂධ තොග පවත්වාගෙන යාමේ වගකීම රජය මත පැවරෙන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය