පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 පෙරවරු 09ට ප්‍රකාශයට පත් කරයි

පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට අදාලව, නවුෆර් මවුලවි ඇතුළු සැකකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව, එළැඹෙන 22 වන දා පෙරවරු 9.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

නඩු විභාගය සිදු කරන ලද්දේ, නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.

පාස්කු ඉරිදා එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයට අදාලව නඩු තිස් එකක් ඇසෙමින් පවතී.

එළැඹෙන විසි දෙවන දා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ඉන් එක් නඩුවකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *