2019 සිට 2024 දක්වා අධිවේගී මාර්ගයේ මුදල් අයකැමිවරු බිලියන 04ක් වංචා කර ඇති බව හෙළි වෙයි

2019 වසරේ නොවැම්බර් සිට 2024 වසරේ ජූලි දක්වා වූ කාලය තුළ, අධිවේගී මාර්ග පද්ධතිය තුළ රාජකාරී කරන මුදල් අයකැමිවරු විසින් නිසි පරිදි ප්‍රවේශ පත්‍ර නිකු-ත් නොකිරීමෙන් වංචා කර ඇති මුදල රුපියල් මිලියන 4,614 ක් බව වාර්තා වේ.

ගණනය කර බැලූ විට, දෛනිකව ශ්‍රී ලංකා මාර්ග අධිකාරියට අහිමි වී ඇති මුදල රුපියල් මිලියන එකකට ආසන්නය.

මෙම වංචා සහගත ක්‍රියාවට සම්බන්ධ මුදල් අයකැමිවරු හදුනාගෙන ඔවුන්ට එරෙහිව පියවර ගැනීමක් මෙතෙක් සිදුකර නැති බව ද වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *