රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ලයන් වෙනුවට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට ක්‍රිඩා ඇමති තීරණය කරයි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල 05 වෙනුවෙන් නව හෙල්ල කට්ටලයක් ලබා දෙන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.

අද (15) උදෑසන දිවයිනට පැමිණීමේදී ඔහු සතු හෙල්ල 5ක් ගුවන් මගින් ගෙන ඒමේදී කැඩී හානි සිදුවුණා.

තමන් මීටර් 92න් එහා දක්ෂතාවන් දැක්වූ හෙල්ලයන් මෙසේ හානි වී ඇති බවයි මේ ගැන කළ විමසීමකදී රුමේෂ් තරංග සඳහන් කළේ.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට වැඩි බව ඔහුගේ පියා සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට ගුවන් සේවා වෙත පැමිණිලි කරමින් සිටින බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *