ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර කොකේන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

වැල්ලවත්ත පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර කොකේන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) රාත්‍රීයේදී වැල්ලවත්ත, වෙරළ ප්‍රදේශයේ අවන්හලකදී විශ්ව කොඩිකාර ඇතුළු තවත් පස් දෙනෙක් පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් පිරිස අද (17) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විශ්ව කොඩිකාර සන්තකයේ කොකේන් මිලිග්‍රෑම් 1050ක් තිබී සොයා ගත් බව වැල්ලවත්ත පොලිසියේ ගල්කිස්ස අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.

මෙහිදී කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට වරද පිළිගැනීමෙන් පසු ජනප්‍රිය නළු විශ්ව කොඩිකාරට රුපියල් පන් දහසක දඩයක් නියම කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *