පොහොසත් රටක් – ලස්සන ජිවීතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව ආණ්ඩුව කටයුතු කරනවා – පැෆ්රල් සංවිධානය කියයි

වත්මන් ආණ්ඩුව “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව කටයුතු කරමින් සිටින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක වීම අධීක්ෂණය සම්බන්ධයෙන් සකස් කළ තෙවන අර්ධ වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක වීම අධීක්ෂණය පිළිබඳ මෙම තෙවන අර්ධ වාර්ෂික වාර්තාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එළිදක්වනු ලැබුවා.

මෙහිදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වසර දෙකක කාලයක් තුළ අත්කරගෙන ඇති ප්‍රගතිය අධීක්ෂණය කර ඇති බව සඳහන්.

පැෆ්රල් සංවිධානය සහ මාර්තු 12 ව්‍යාපාරය එක්ව මෙම වාර්තාව සකස් කර එළිදක්වා තිබෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ විද්වතුන් රැසක් එක්ව සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *