රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ රජයට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කරමින්, විදෙස් ගතව ඇති ඩොලර් බිලියනයක මුදල් ප්‍රවාහයක් පිළිබඳව අනාවරණය කර ඇත.
“ඩොලර් බිලියනයක් ආයේ, මේ ඡන්දෙට ගානක් නෙමෙයි, කළු කඩ මාකට් එකෙන්, කළු සල්ලි එළියට, කළු ආර්ථිකයක් කිව්වනේ. 2025, 26 අවුරුදු දෙක ඇතුළත ගරු සභාපතිතුමා ඩොලර් බිලියනයක් යවලා තියෙනවා. ඉස්සරහට එයි කාගේ කාගේ සල්ලිද කියලා, දැන් පුළුවන්නම් ඒකත් කියන්න රාජපක්ෂලගේ කියලා,” යැයි ඔහු පවසා තිබේ.
“මොකද ඉතින්, ඔබතුමන්ලාගේ හොරකම් ටික වහගන්න, එක එක එළියට එයි. එළියට එන දවසට තමයි කට්ටියට ගරු සභාපතිතුමා වැඩේ තේරෙන්නේ. ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන,” යැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.