රට පුරාම ළමා මව්වරුන් 2287ක් සිටින බව හෙළි වෙයි

රට තුළ ළමා මව්වරුන් දෙදහස් දෙසීය අසූ හත් දෙනකු සිටින බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) කියා සිටියාය.

මව පිටරට රැකියාවලට යොමුවීම, දෙමව්පියන් දෙදෙනාම රැකියාවේ නිරත වීම, දෙමව්පියන් මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහි වීම, නවීන ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම ආදී කරුණු එම තත්ත්වයට බලපා ඇතැයි ද ඇය කීවාය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේ බව සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *