මිය ගිය බිරිඳට සෑයේදී යළිත් පණ එයි

මියගිය බවට අනුමාන කළ ඉන්දියාවේ ඔඩීෂාහි 52 හැවිරිදි කාන්තාවක් සෑයට ගිනි තැබීමට මොහොතකට පෙර දෑස් විවර කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් හෝ මරණ සහතිකයක් ලබා ගැනීමට උත්සාහ කිරීමකින් තොරව එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා සිය බිරිඳ මියගියේ යැයි අනුමාන කර ඇගේ සිරුර බිජිපූර්හි ආදාහනාගාරය වෙත අවමංගල්‍ය රථයකින් රැගෙන ගොස් ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීමට එම කාන්තාව පසුගිය 12 වැනිදා මුහුණ දී ඇති අතර එම අවස්ථාවේදී ඉක්මනින් සිය බිරිඳ  ස්වාමිපුරුෂයා විසින් රෝහලකට රැගෙන යනු ලැබ ඇතත් ප්‍රතිකාර කිරීමට මුදල් නොමැති වීම නිසා පසුව ඇයව නිවසට රැගෙන ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එතැන් සිට මේ දක්වා ඇය ප්‍රතිකාර ගැනීමට මුදල් නොමැති වීම නිසා ජීවිතයත් මරණයත් අතර සටන් කරන බව ඇයගේ නෑදෑයන් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *