නාමල් රාජපක්ෂට ලක්ෂ 700ක අල්ලස් දුන් චෝදනාවට අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70 ක් අල්ලස් ලබා දුන්නේ යැයි අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකාවක වන ජානකී සිරිවර්ධන ඔක්තෝබර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම විමර්ශනයට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දෙන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *