බස්වල ජැක් ගහන අය සොයන්න ගිය පොලිස් කාන්තාවටත් ජැක් ගහයි

ළමා හා කාන්තා හිංසනය ගැන සෙවීමට බස් රථයට නැඟි පොලිස් උපාය දූතිකාවක්ද අතවරයට ලක්ව ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා.

පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු මෙම ලිංගික අතවර කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුව එළැඹෙන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *