ඡායා පිටපතක් ලබා ගැනීමට ඉහළ මිලක් අය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි ලෙස කතාබහට හා අවධානයට ලක් වූ සිදුවීමකට අදාළව, පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි වෙළෙඳසැලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අද (25) හදිසි වැටලීමකට ලක් කර තිබෙනවා.
මෙම වැටලීමේදී අනාවරණය කරගත් කරුණු හා පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන නීතිමය සාක්ෂි නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, අදාළ වෙළෙඳසැලට එරෙහිව ඉදිරි දිනවලදී මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු සූදානම් කරමින් පවතින බවයි එම අධිකාරිය සඳහන් කළේ.
පාරිභෝගික ජනතාව නොමඟ යවන හෝ සූරාකෑමට ලක් කරන වෙළෙඳසැල් හා ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරන්තර අවධානයෙන් පසුවන අතර, එවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත වන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.