නවීන පොදු ප්‍රවාහනයේ නව යුගයක් හෙටින් ඇරඹේ!
අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් මෙට්‍රෝ බස් සේවාව 2026 සැප්තැම්බර් 29 වැනිදා නිල වශයෙන් දියත් කෙරේ.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සම්බන්ධ කරමින් ආරම්භ වන මෙට්‍රෝ බස් සේවාවේ මාර්ග හත මෙසේය:
• CM01 – මකුඹුර සිට පිටකොටුව දක්වා
• CM02 –අතුරුගිරිය (මිලේනියම් සිටි) සිට කොළඹ කොටුව දක්වා
• CM03 – කඩවත සිට මකුඹුර දක්වා
• CM04 – දෙමටගොඩ සිට පානදුර දක්වා
• CM05 – බත්තරමුල්ල සිට ඒකල දක්වා
• CM06 – කොල්ලුපිටිය වටරවුම් මාර්ගය
• CM08 – කහතුඩුව සිට කොළඹ කොටුව දක්වා
බස් රථ කාලසටහන්, බස් නැවතුම් ස්ථාන ඇතුළු සියලුම ගමන් තොරතුරු LMT GO App එක හරහා පහසුවෙන් ලබාගත හැකිය.
ආරක්ෂිත, සුවපහසු සහ විශ්වාසදායක නාගරික ප්‍රවාහනයක් වෙනුවෙන් තබන මෙම සුවිශේෂී පියවර, මගී ජනතාවගේ දෛනික ගමනාගමනයට නව පහසුවක් එක් කරනු ඇත.