හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චිට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරනු ලැබ තිබූ මිලියන 28 දේපල අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුලික විමර්ශන අවසන් බව එම කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ අද (29) දැනුම් දුන්නා.
මෙම සිද්ධියට අදාල නඩුව අද (29) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වුණා.
සිද්ධියට අදාල සැකකාර නෙවිල් වන්නිආරච්චි ඇප මත සිටිමින් අද (20) අධිකරණය හමුවේ පෙනී සිටියා.
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට නෙවිල් වන්නිආරච්චිට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණු අතර, ඉකුත් 2025 වසරේ ඔක්තෝම්බර් මස 02 වැනිදා ප්‍රකාශයක් ලබාදීමට එම කොමිසමට ගොස් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව අධිකරණය විසින් එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හැර තිබුණා.
මෙම සිද්ධියට අදාල නඩුව යළි ලබන ජනවාරි 19 කැඳවිමට අධිකරණයෙන් නියෝග නිකුත් වුණා.