අඩුම පොලියට ණය දෙන බැංකුවල නම් පොලී ප්‍රතිශත එක්ක දැනුම් දෙයි

පසුගිය සතිය තුළ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු සියල්ලක්ම පාහේ සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික (AWPR) කැපීපෙනෙන ලෙස පහළ දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙහිදී මහ බැංකු පවසන්නේ මීට වසරකට පෙර 25.35% ක්ව පැවති බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) මේ වන විට 11.61 ක් මට්ටමට පහළ ගොස් ඇති බවයි.

මහ බැංකුව සඳහන් කරන පරිදි පසුගිය සතිය තුළ දී එක් එක් වානිජ බැංකුවට අනුව අඩුම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය මහජන බැංකුව විසින් පිරිනමා ඇති අතර එය 10.87% ක් වේ.

මීට අමතරව 12% ට පහළ මට්ටමකින් බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් පවත්වා ගෙන ගිය දේශීය වානිජ බැංකු ලෙසින් හැටන් නැෂනල් බැංකුව (11.47%), කොමර්ෂල් බැංකුව (11.59%), යූනියන් බැංකුව (11.55%), පෑන් ඒසියා බැංකුව (11.85%), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (11.74%), NDB බැංකුව (11.94%) සහ අමානා බැංකුව (11.10%) බැංකුව සඳහන් කර තිබේ.

බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය, සතියක් තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිය ප්‍රධාන ගනුදෙනුකරුවන්ට ලබා දුන් කෙටි කාලීන රුපියල් ණය සහ අත්තිකාරම් සඳහා වන පොලී අනුපාතික මත පදනම් වේ.

WEI 20240216 e 7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *