කන කෑමවත් හරියට කන්නත් බැරි කඩ රට පුරා – කෑමට ගත් ඥාණකතාවේ හූනෙක් හමු වෙයි

කෑමට ගත් ඥාණකතාවක් තුළ මියගිය හූනෙකුගේ සිරුරක් තිබූ බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ කල්ලංචියාගම ඉපලෝගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළින්.

කල්ලංචියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි වඩුකාර්මික ශීල්පියකු හා ඔහුගේ සහයකයා තේ පානය සදහා වෙළදසැලකින් ඥාණකතා පැකට්ටුවක් මිලදී ගෙන තිබෙනවා.

ඔවුන් එය සිය නවාතැන්පළ වෙත රැගෙන ගොස් තේ පානයට පෙර එම පැකට්ටුව විවෘත කර එහි තිබූ ඥාණකතා ආහාරයට ගැනීමට සූදානම් වී තිබෙනවා.

එහිදී එම පැකට්ටුවේ තිබූ එක් ඥාණකතාවක් තුළ තිබී මැරුණු හූනකුගේ තැම්බුනු සිරුරක් ඔවුන්ට හමු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති මෙම ඥාණකතා සම්බන්ධයෙන් ඒවා අලෙවි කළ වෙළසැල් හිමියාද දැනුම්වත් කොට ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හා අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද මේ සම්බන්ධයෙන් පැමිණීලිකර තිබෙනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ඥාණකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණීළි කිරීමත් සමග උරණ වි ඇති එම ඥාණකතා අලෙවි කළ බව කියන වෙළදසැල් හිමියාගේ පාර්ශවයේ පිරිසක් අද (19) දිනයේ එම වඩුකාර්මික ශිල්පියාට හා සහයකයාට පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධව ඉපලෝගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *