ජනතා විරෝධය හමුවේ විදුලි ගාස්තු 18% ක දැවැන්ත අගයකින් පහළ දාන්න යයි

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 18%කින් අඩු කිරීමට සූදානමක ඇති බව වාර්තාවේ.

ජල විදුලි නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් මෙතරම් ප්‍රතිශතයකින් මිල දැමීමට මණ්ඩලය සූදානම් වෙයි.

පසුගිය වසරයි වැඩි කාලයක් තිස්සේ ප්‍රමාණවත් වර්ෂාපතනයක් විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවලට ලැබුනු අතර ඉන් උපරිම මට්ටමෙන් ජල විදුලිය නිෂ්පාදනය ඉහළ කිරීමට හැකියාව ලැබිණි.

ඒ අනුව විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යෝජනා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතට ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වෙයි.

10,146 views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *