කාන්තාවන් ගෘහ සේවයට යැවීමට සම්පූර්ණයෙන්ම නතර කරන්න තීරණය කරයි

 මෙරට කාන්තාවන්, ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සකස් කිරීමට සූදානමක් පවතිනවා… 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර දැනුම්දීමකට අනුවයි මේ මෙ‍ය සිදුව ඇත්තේ…

මේ පිළිබඳ අවධානය යොමුවුණේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වය සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමග ඊයේ පැවති සාකච්ඡාවකදියි…

ඒ අනුව වසර 10 ක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියාවන් සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශව සම්බන්ධ කරගනිමින් අදාළ යෝජනාවලිය සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *