මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත් හිටුවීම පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැක ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට විවිධ චක්‍ර ලේඛ 15ක් නිකුත් කර ඇති බවයි.
පරාටේ බලතල සම්බන්ධයෙන් රට තුළ කතා බහක් ඇති වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එම නීති හඳුන්වා දී ඇත්තේ බැංකු පද්ධතියේ ආරක්ෂාව සඳහා බවත්, බැංකුවල ආරක්ෂාව තහවුරු කරමින් පරාටේ බලතල තාවකාලිකව අත්හිටුවීම සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලබන බවත්ය.
පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේ පිළිතුරු කතාව පවත්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.