යාපනයට ආ හත්වෙනි අද්භූත වස්තුවත් මුහුදේ පා වෙයි

යාපනයේ වඩමරච්චි පට්ටුකාඩු මුහුදේ කේතුවක ආකාරයකට සකසන ලද මෙතෙක් හදුණා ගෙන නොමැති වස්තුවක් මුහුදේ පාවෙමින් පවතින බව වඩමරච්චි ධීවරයෝ ප්‍රකාශ කරනවා.

ඔවුන් මේ පිළිබදව නාවික හමුදාවට හා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට දැණුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මසුන් මැරීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි වඩමරච්චි ධීවරයින් පිරිසක් මෙම අද්භූත වස්තුව දැක ඇති අතර එවැනි වස්තුවක් ඔවුන් මීට පෙර දැක නොමැති බවද නාවික හමුදාවට ප්‍රකාශ කොට තිබෙනවා.

ගත වූ මාස දෙකක කාලය ඇතුළත වඩමරච්චි මුහුදු ප්‍රදේශයට මේ අන්දමට පාවී ආ හත්වෙනි අද්භූත වස්තුව මෙය වන අතර නාවික හමුදාව පළාතේ ධීවරයින්ට උපදෙස් දී ඇත්තේ මුහුදේ පාවෙන හෝ මුහුදු වෙරළට ගොඩ ගසන කිසිම වස්තුවක් ඇල්ලීම ඇදගෙන ඒමට උත්සහ කිරීම හෝ පරීක්ෂා කිරීමට නොයන ලෙසයි.

No description available.
No description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *