කැරට් දැන් රු. 300ට බැහැලා : සෑම එළවළු කිලෝවක්ම රු. 500ට අඩු වෙයි

පාරිභෝගිකයිනි, බයවෙන්න එපා දැන් එළවළු මිල පහත බැහැලා. සෑම එළවළුවක්ම රුපියල් 500ට වඩා අඩුයි යැයි පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා ‘දිවයින’ට ඊයේ (23 වැනිදා) පැවසීය.

ඊයේ පොහෝ දිනය බැවින් පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය වසා තැබුණ ද අද (24 වැනිදා) දිනයේ වෙළෙඳ සංකීර්ණය විවෘත වන බවත්, ගතවූ දින කීපය තුළ එළවළු මිල විශාල ලෙස පහත බැස තිබූ බවත් හෙතෙම කීය.

තවදුරටත් කතා කළ සමරතුංග මහතා මෙසේ ද කියා සිටියේය.

පසුගිය දිනවල රුපියල් 2000ට 2500ට තිබූ කැරට් තොග කිලෝව දැන් රුපියල් 300යි. බෝංචිත් එහෙමයි. දැන් මේ මැනිං මාර්කට් එකට

පාරිභෝගිකයෝ ආවොත් රුපියල් 500ට අඩුවෙන් එළවළු කිලෝවක් ගන්න පුළුවන්. එළවළු මිල වැඩිවීම නිසා පාරිභෝගිකයෝ එන එක සෑහෙන්න අඩුවුණා. මේ තත්ත්වය තුළ වෙළෙඳුන්ගේ වෙළෙඳාමත් පහත බැස්සා. පසුගිය සති කීපය හරිම අමාරුවෙන් ගියේ. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. එළවළු මිල සෑහෙන අඩුවෙලා. පාරිභෝගික ජනතාවට කියන්නේ දැන් පෑලියගොඩ මැනිං මාර්කට් එකට ඇවිත් එළවළු ඉතා අඩුවට අරගෙන යන්න කියලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *