වනිඳු හසරංගට ICC යෙන් රතු එළියක් – පෙර වැරදිත් සලකන්න යයි

ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ සියුම් පරාජයෙන් පසු මතභේදාත්මක ලෙස විනිසුරු ලින්ඩල් හැනිබල් විවේචනය කිරීම සම්බන්ධයෙන් නායක වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

හසරංගගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරු ලින්ඩල් හැනිබල් තරග තීරක එංගලන්ත ජාතික ක්‍රිස් බ්‍රෝඩ් මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, ඒ සම්බන්ධ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

තරඟයෙන් අනතුරුව හසරංගගේ හැසිරීම ICC චර්යාධර්ම සංග්‍රහය යටතේ වරදක් බවට චෝදනා කරමින් තරඟ විනිසුරු දෙවැනි මට්ටමේ චෝදනාවක් එල්ල කර තිබෙනවා.

හසරංග පෙර වැරදිවලින් දැනටමත් ලබාගෙන ඇති වැරදි ලකුණු හේතුවෙන්, මෙවර වරදකරු වුවහොත් ඉදිරි විස්සයි20 තරග දෙකක් හෝ වැඩි ගණනක තහනමකට මුහුණ දීමට සිදුවනු ඇත.

මේ සම්බන්ධයෙන් අයිසීසීය තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති අතර, එය ඉදිරි බංග්ලාදේශ සංචාරයේ තරඟවලට යම් බලපෑමක් වන්නේ ද යන්න අවධානයට ලක්වී ඇතැයි සැලකේ.

මෙයට පෙර 2022 වසරේදී ඇෆ්ගනිස්තානය සමඟ තරඟයකදී නජිබුල්ලා සද්‍රාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූවකු ලෙස පිටියේ විනිසුරු ක්‍රියා කළ ද තෙවැනි විනිසුරු විසින් එය නොදැවීමක් ලෙස තහවුරු කළා.

එහිදී වනිඳු එම තීරණයට සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් එම තීරණය පෙන්වූ රූපවාහිනී තිරයට සිය දෑත් දික් කිරීම වරදක් ලෙස තීරණය කොට වනිඳුගේ විනය වාර්තාවට එක් අසාදු ලකුණක් (demerit point) එක් කර තිබුණා.

එවිට පිටියේ විනිසුරුවන් වූ රවින්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් දෙදෙනාත්, තෙවැනි විනිසුරු වූ රුචිර පල්ලියගුරුගේ සහ සිවුවැනි විනිසුරු වූ රැන්මෝර් මාර්ටිනස් යන මහත්වරු පැමිණිලි කළ විනිසුරුවරුන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *